මිකීට සමුදෙන ලෝක ශූරතා ටෙස්ට් සටනට මුලපුරන තරගාවලිය හෙට ඇරඹේ

57

මාස හයක ඇවෑමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම රතු පන්දුව හමුවේ මුහුණ දෙන පළමු අභියෝගය ලෙස ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (21 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලෙස මෙම තරගය පැවැත්වේ.

දෙවෙනි ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලෙස ද මෙම තරගය වාර්තා වන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශී‍්‍ර ලංකාව සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලිය ද මෙය වේ.

ශී‍්‍ර ලංකාව සමග අත්සන් කළ වසර දෙකක කොන්ත‍්‍රාත් ගිවිසුම ප‍්‍රකාරව ඒ මහතා මෙම තරගාවලියෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට සමුදීමට තීරණය කර තිබෙන අතර ඉන්පසුව ඔහු ඩර්බිෂයර් ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවසන් තරගාවලිය ජයග‍්‍රහණයකින් නිම කිරීම තම බලාපොරොත්තුව බව මිකී ආතර් මහතා පවසා තිබිණි.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වැදීම පිණිස සුපුරුදු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, විශේෂඥ ටෙස්ට් පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ඕෂද ප‍්‍රනාන්දු වැනි කී‍්‍රඩකයන් සංචිතයට කැඳවා සිටිති.

එසේම සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙනිය, ප‍්‍රවීන් ජයවික‍්‍රම, රමේෂ් මෙන්ඩිස් ප‍්‍රමුඛ පන්දු යැවීමේ බලඇණියක් ද ශී‍්‍ර ලංකාව සමන්විතව සිටිති.

එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රධාන ටෙස්ට් කී‍්‍රඩකයන් දෙදෙනකුගෙන් තොරව මෙම තරගාවලියට සහභාගි වෙති. කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ලගේ තරග තහනම තවමත් නිමා වී නොමැති නිසා ඔහු මෙම තරගාවලියට සහභාගි නොවන අතර නිත්‍ය ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියට එක් නොවේ.

ඒ අනුව ආරම්භක පිතිකරණ ස්ථානයේ නායක දිමුත් කරුණාරත්නගේ සහයක පිතිකරු ස්ථානයේ පුරප්පාඩුව පිණිස චරිත් අසලංක හෝ කමිල් මිෂාර දෙදෙනාගෙන් එක් අයෙක් තරගයට කී‍්‍රඩා කිරීමට නියමිත වේ. චරිත් අසලංක පසුගිය පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී අංක 03 පිතිකරු ලෙස සිය ස්ථාවරත්වය පෙන්නුම් කළ අතර කමිල් මිෂාර ද පසුගිය නිල නොවන තරගාවලි කිහිපයකදී දක්ෂතා දැක්වීමට සමත් වූවේය.

අංක 3 පිතිකරණ ස්ථානය ඕෂද ප‍්‍රනාන්දු ද, අංක 4 පිතිකරණ ස්ථානය ඇන්ජලෝ මැතිව්ස් ද කී‍්‍රඩා කිරීමට නියමිත අතර ධනංජය ද සිල්වා සහ පැතුම් නිශ්ශංක මැද පෙළ ශක්තිමත් කිරීමට කණ්ඩායමට එක් වෙති.

කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ලගේ අඩුව පිරවීම දිනේෂ් චන්දිමාල් වෙත පැවරීමට නියමිත අතර තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස චාමික කරුණාරත්න කෙරෙහි ද අවධානය යොමු වීමට ඉඩ ඇත. එසේ නොවුනහොත් රමේෂ් මෙන්ඩිස්ට එම ස්ථානය හිමි වේ. ප‍්‍රවීන් ජයවික‍්‍රම සහ ලසිත් ඇඹුල්දෙනිය

දෙදෙනාගෙන් එක් අයෙක් හෝ ඔවුන් දෙදෙනාම කී‍්‍රඩා කරනවාද යන්න අවසන් මොහොතේ තීරණය වීමට ඉඩ ඇත. වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් සහ විශ්ව ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකාව සතුව සිටින සම්පත් වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නායක ක්‍රෙග් බ‍්‍රැත්වේට් ප‍්‍රමුඛ පිතිකරුවන්ගෙන් සමන්විත වෙති. කේ‍්‍රග් බ‍්‍රැත්වේට් ශී‍්‍ර ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 10 කදී ලකුණු 611 ක් ද, ජෙරමික් බ්ලැක්වුඞ් තරග 10 කදී ලකුණු 595ක් ද රැුස් කර සිටිති. එසේම ඔවුන්ගේ පන්දු යවන්නන් අතරින් කෙමා රෝච් සහ ජේසන් හෝල්ඩර් ශී‍්‍ර ලංකාවට එරෙහිව වැඩිම කඩුලූ ලාභියෝ වෙති. රෝච් තරග 08 කදී කඩුලූ 30 ක් සහ හෝල්ඩර් තරග 8 කදී කඩුලූ 21 ක් දවා ගෙන සිටිති.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 22 ක් පවත්වා ඇති අතර ඉන් තරග 9 ක් ශී‍්‍ර ලංකාව ජය ගෙන තිබෙන අතර තරග 4 ක් කොදෙව් කණ්ඩායම ජය ගෙන ඇත.

ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු ලබා ගැනීම වාර්තා කර තිබෙන්නේ හෙට තරගය පැවැත්වෙන ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී වේ. එහිදී ඔවුන් ලකුණු 580 ක් රැුස් කර ගෙන ඇති අතර ශී‍්‍ර ලංකාව ද කොදෙව් කණ්ඩායමට එරෙහිව 2010 වසරේදී ගාල්ලේදී ලකුණු 590 ක් ලබා ගෙන තිබේ.

තරගාවලිය සඳහා නම් කළ 22 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), චරිත් අසලංක, ඕෂධ ප‍්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙනිය, ප‍්‍රවීන් ජයවික‍්‍රම, මිනෝද් භානුක, රොෂේන් සිල්වා, කමිල් මිෂාර, චාමික කරුණාරත්න, ලක්‍ෂාන් සඳකැන්, සුමින්ද ලක්‍ෂාන්, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, අසිත ප‍්‍රනාන්දු, චාමික ගුණසේකර

කොදෙව් සංචිතය – කේ‍්‍රග් බ‍්‍රැත්වේට් (නායක), ජෙරමික් බ්ලැක්වුඞ්, ක්රූමා බුනර්, රොස්ටන් චේස්, රකීම් කෝන්වල්, ජෝසුවා ද සිල්වා, ෂැනෝන් ගේබි‍්‍රයල්, ජේසන් හෝල්ඩර්, ෂයි හෝප්, කයිල් මේයර්ස්, කෙමාර් රෝච්, ජේසන් සීල්ස්, ජෙරම් සොලොශානෝ, ජොමෙල් වේරකන්, වීරසාමි පෙර්මෝල්.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment