ආණ්ඩුවේ අය ස්වාධීන වුණොත් මැති සබය විසුරුවයි

500

අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයවික‍්‍රම

ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමෙන් පසු විපක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිස 113කට වඩා වැඩිවී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාවක් සම්මත කරගතහොත් ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවන බව අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයවික‍්‍රම මහතා ‘දිවයින’ට පැවසීය. එසේ වුවහොත් ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් කැඳවීමට සිදුවන බවද ඒ මහතා කීය.

මහ මැතිවරණය පැවැත්වෙනතුරු පාර්ලිමේන්තුවේ බහුතර මන්තී‍්‍රවරුන්ගේ සහාය පළවන මන්තී‍්‍රවරයකු අග‍්‍රාමාත්‍ය තනතුරට පත්කර ගැනීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව බලය හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

දැනට පවතින තත්ත්වයට අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයට සහාය ලබාදෙන මන්තී‍්‍රවරුන්ගේ තීරණය මත එම කටයුතු සිදුවනු ඇතැයි ද හිටපු අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයවික‍්‍රම මහතා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment