නේපාලයේ සංදීප්ට වසර 8ක සිරදඬුවම්

587

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම නේපාලයේ සිටින ඉහළම පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයා සේ සැළකෙන පාදඟ පන්දු යවන ක්‍රීඩක සංදීප් ලමිච්චනේ හට 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ වරදට වසර අටක සිරදඬුවමක් නියම කිරීමට කත්මන්ඩු දිස්ත්‍රික් උසාවි විනිසුරුවරයා විසින් පියවර ගෙන තිබේ.

අතවරයට ලක් වූ කාන්තාවට නේපාල රුපියල් දෙලක්ෂයක වන්දි මුදලක් හා දඩ මුදල් වශයෙන් රුපියල් තුන්ලක්ෂයක් ගෙවීමටද විනිසුරුවරයා විසින් ලමිච්නේ හට නියෝග කර තිබේ. සිරදඬුවම් නියම වුවද එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නේපාල ක්‍රිකට් ක්‍රීඩකයාට දින 100 ක කාලයක් ලැබී ඇතැයි ඔහුගේ නීතිඥවරයා මාධ්‍යට පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment