කිරිල්ලවල මැදි විදුහලේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලියක්

102

කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරන “ආදි ශිෂ්‍ය සහෘද සංග්‍රාමය 2023” පිරිමි සහ කාන්තා සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 2023 ජූලි 30 දින දවස පුරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලියාපදිංචි සාමාජිකයන්ට පමණක් මේ සඳහා සහභාගි විය හැකි අතර, තරගාවලියේ ශූරතාවය සඳහා රු.40000/- ක් හා අනුශූරතාවය සඳහා රු.25000/- ක්ද පිරිනැමීමට නියමිතය. මේ සඳහා අයදුම්පත් ජූලි 25 දිනට පෙර ක්‍රීඩා කමිටුවේ ශ්‍රියාල් ප්‍රියංකර මහතා වෙත යොමුකළ යුතු බවද (0714-425527) එම කමිටුව නිවේදනය කර තිබේ.

සනත් ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment