මහින්ද්‍රා සමාගමෙන් පොලිසියට ජීප් රථ 750ක් ගන්න කැබිනට් අනුමැතිය

167

ඉන්දියානු ණය යෝජනා ක‍්‍රමය යටතේ එරට මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමෙන් පොලිස් දෙපාරතමේන්තුව ස`දහා ජීප් රථ හත්සිය පනහක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිවී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායට ජීප් රථ 150 ඇතුළුව පොලිස් දෙපාර්තමේන්තුව ස`දහා ජීප් රථ 750 ක් ඉන්දීය ණය යොජනා ක‍්‍රමය යටතේ මිලදී ගැනීම පිණිස ඉකුත් 2020 නොවැම්බර් මස 16 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව සිදු කෙරුණු ලංසු කැ`දවීම් අනුව කැබිනට් මණ්ඩලය මගින් පත්කරනු ලැබූ ස්ථාවර ප‍්‍රසම්පාදන කමටුවේ නිර්දේශය පරිදි මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමෙන් අදාළ මිලදි ගැනීම සිදු කිරීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment