කාන්තාවකගේ මොළයේ පණුවෙක්

198


ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි සෙන්ටි මීටර් 08ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට කැන්බරා රෝහලේ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබේ.

මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වියහැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

64 හැවිරිදි එම කාන්තාව අධික හිසරදය සමග ඇතිවූ අසාමාන්‍ය රෝග ලක්ෂණ නිසා සිදුකරන ලද එම්.ආර්.අයි පරීක්ෂණයකදී මොළයේ යම් ආගන්තුක ව්‍යුහයක් ඇති බව අනාවරණය කරගෙන තිබුණි.ඒ අනුව මොළයේ ඉදිරි කොටසේ සිදු කළ ශල්‍ය කර්මයක් අතරතුරදී පටක අතර සිටියදී එම රතු පැහැති පණුවා හඳුනා ගැනුණි.

එම කාන්තාවගේ මොළයේ මාස 08ක පමණ කාලයක් මෙම පණුවා සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.

වෛද්‍ය පර්යේෂකයින් පවසන්නේ සතුන්ගෙන් මිනිසාට රෝග බෝවීමට ඇති හැකියාව වැඩිවී ඇති බව මින් පෙනී යන බවයි.

එම කාන්තාවගේ ශල්‍යකර්මයට එක්වී සිටි කැන්බරා රෝහලේ සිටින විශේෂඥ වෛද්‍ය සංජය සේනානායක පැවසුවේ ශල්‍යාගාරයේ සිටි සියලුම දෙනා ඉන් පුදුමයට පත්වූ බවයි.
මිනිස් මොළයක සිටියදී මෙවැනි පරපෝෂිත පණුවෙක් හමුවූ පළමු අවස්ථාව මෙය බැවින් මේ සම්බන්ධව පරීක්ෂණ රැසක් සිදුකරන බව වෛද්‍යවරු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment