දින පහක් බැංකු වහලා ගේමක් ගහන්න හදනවා-පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

86

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යැයි කියමින් දින පහක් බැංකු වහලා ගේමක් ගහන්න සූදානම් වෙනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (26දා) පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

දැන් සමහර අය කියනවා තෙල් පෝලිම් නැහැ. ලයිට් කපන්නේ නැහැ. රට හොඳට දුවනවා කියලා. මේ රටේ ජනතාවගෙන් 34%ක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ගේ කෑම බීම සපයා ගැනීම සඳහා ගෙවල්වල තියෙන ප්‍රිජ්, ටීවී, වොෂින් මැෂින් වගේ දේවල් විකුණ තත්ත්වයට පත්වෙලා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමන් ලබන ආදායමෙන් ලයිට් බිලටයි, වතුර බිලටයි ගෙවලා ඊට පස්සේ කෑම බීම සඳහා කොහොමද මුදල් සපයා ගන්නේ කියලා කල්පනා කරන්න වෙලා. ඒ වගේම මේ සතියේ කොයි ළමයාවද ඉස්කෝලේ යවන්නේ ඒ ළමයා සතියට දවස් කීයක් ඉස්කෝලේ යනවද කියලා තීරණය කරන්න වෙලා. ටියුෂන් යන්න බෑ. පොත් බෑග් එකක් ගන්න බෑ. සපත්තු කුට්ටමක් ගන්න බෑ. ඒ වගේම ඉස්සර ඔයාට ඕන ගැහැණු ළමයෙක්ද පිරිමි දරුවෙක්ද කියලා අහපු කට්ටියට ළමයෙක් හදන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න සිද්ධ වෙලා. රට බේරගන්න ගිය කට්ටිය රටේ තනි කරලා පිටරට යන්න සිද්ධවෙලා. එහෙව් රටක බදුවලින් බඩු මිලෙන් විදුලි බිල් වතුර බිල්වලින් මිරිකලා පීඩාවට පත් කරලා. රටේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණ නන්නත්තාර කරල තියෙන රටක දැන් රජය “අස්වැසුම” කියලා ඇස්වැසුමක් ගෙනල්ලා තියෙනවා.

දැන් මේ අස්වැසුමෙන් විශේෂ අවශ්‍යතා තියන අයට ලබාදෙන ආධාර මුදල්, වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අරමුදල් වෙනත් රෝගාබාධ සඳහා ලබාදෙන අරමුදල් සියල්ල කපා හැරලා තියෙනවා. ඒ වගේම පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව අතුරෙන් සමාජයේ පහළම මිරිකිලා ඉන්න ජනතාවට අස්වැසුම ගේනවා කියලා සමෘද්ධියට වැඩේ දීලා තියනවා. දැන් සමෘද්ධිලාභීන් නොලැබිය යුතු අය ලැබෙනවා නම් ඒ අය අයින් කරන එක වෙන කතාවක්. හැබැයි සමෘද්ධිලාභීන් ලැබිය යුතු අය ඔවුන්ව එතනින් කපා හැරලා ඇස්වැසුම වැඩසටහනට සල්ලි තියෙන අයත් දාලා තියෙනවා. මේ රැවටිල්ල ජනාධිපතිවරණය දක්වා අදින වැඩක්. එහිදී මේක දේශපාලන ව්‍යාපෘතියක් නෙමෙයිද? ඇයි ග්‍රාම නිලධාරී මහත්වරුන් මේකෙන් අයින් වුණේ?

ඒ වගේම මේ දවස්වල කතාවෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන දැන් ජනාධිපතිතුමා සිකුරාදා සිට සඳුදා දක්වාම බැංකු නිවාඩු දවස් පහක්. ඇයි මේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment