වෙළෙඳ භාණ්ඩ ආනයනය 15.8% කින් පහතට

106

ඉකුත් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 15. 8 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2021) ඔක්තෝබර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 1526 ක් වූ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම මේ වසරේ (2022) සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1284 ක් දක්වා පහත වැටී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. එහි සඳහන් වන පරිදි මේ වසරේ (2022) ප්‍රථම මාස නවයේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදමද ගිය වසරේ (2021) මුල් මාස නමයට සාපේක්ෂව සියයට 5.7 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2021) මුල් මාස නමයේ ඇමරිකානු ඩොලර් මිලියන 14938 ක් වූ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම මේ වසරේ (2022) පළමු මාස නවයේදී ඇමරිකානු ඩොලර් මිලියන 14085 දක්වා පහත වැටී ඇති බවද මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment