පාසල් සිසුන් මතට පොළඹවන්න කාබන් පෑනක් වැනි සිගරැට්ටුවක් හදලා

538

පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට යොමු කරගැනීමේ කූට උපක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය අඩංගු සිගරැට්ටුවක් සහිත කාබන් පෑනක් මේ දිනවල මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් යොදා ගන්නා බව පොලිසිය කියයි.

බැලූ බැල්මට මෙය පෑනක් වුවත් ගළවා නිරීක්ෂණය කරන විට එහි තුළ ඇත්තේ මත් සිගරැට්ටුවක් බවත් එය මේ වනවිට දරුවන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවැනි පෑනක් පසුගිය 04 දා ගාල්ලට ආසන්න ප්‍රදේශයක උපකාරක පන්තියකින් හමු වී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ කරගෙන යන බවත් පොලිසිය පවසයි.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment