සිරගෙදර 5ක් උසස් පෙළ ලියති

108

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සිව් දෙනකු නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපිත කෙරුණු විශේෂ විභාග මධ්‍යස්ථානයකදී ඊයේ (23 වැනිදා) අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට තිබේ.

මේ අතරින් එක් රැඳවියකු මරණීය දණ්ඩනය හිමි වූ අයකු වන අතර ඔවුන් සිව් දෙනා කලා විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය. මරණීය දණ්ඩනය හිමිවී සිටියදී විභාගයට පෙනී සිටි අය බන්ධනාගාරගතව සිටියදී ‘අනුශය ආසව’ නමින් නව කතාවක් ලියා එළිදැක්වූ අයකු වීම ද විශේෂත්වයකි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මැදිහත් වී විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙමින් හැකියාවන් සහිත රැඳවියන් අධ්‍යාපන කටයුතුවලට යොමු කර විභාග සඳහා ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළ අනුව ඔවුන්ට මේ අවස්ථාව හිමිවී තිබේ.

මීට අමතරව යාපනය බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවකුද චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදී ඊයේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment