යාපනයේ හෝටලයකට පහර දුන්නැයි අරුල් සිද්ධාර්ථන් ඇතුළු 5ක් රිමාන්ඩ්

178

යාපනයේ සමාජ ක්‍රියාධරයකු වන අරුල් සිද්ධාර්ථන් සමග පස්දෙනකු මැයි මස 03 දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබේ.

යාපනයේ ආපන ශාලාවකට පහරදී දේපළ විනාශ කිරීම හා එහි හිමිකරුට ගොම ගසා පහර දීම යන චෝදනා මත යාපනය පොලිසිය විසින් අරුල් සිද්ධාර්ථන් සමග හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. එම පිරිසෙන් දෙදෙනකු කාන්තාවන් වූ අතර ඔවුන්ට ඉතා කුඩා දරුවන් සිටින නිසා පොලිස් ඇප මත මුදා හැරිය යාපනය පොලිසිය අනෙක් පස්දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබේ. මිනිසුන්ට පහරදීම, දේපළ විනාශ කිරීම හා හොරකම් කිරීම, මුදල් වංචාකිරීම වැනි චෝදනා රැසක් ඔහුට එරෙහිව ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ නඩු විභාග හතරක්ද අරුල් සිද්ධාර්ථන්ට එරෙහිව යාපනය අධිකරණයේ විභාග වෙමින් පවතී.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment