යුක්‍රේනයට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් 22 ක් මරුට

278

යුක්‍රේනයේ නිදහස් දිනය යෙදුණු පෙරේදා (24දා) දිනයේදි රුසියානු හමුදාවන් විසින් යුක්‍රේනයේ දුම්රිය ස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 22 දෙනකු මිය ගොස් තවත් 50 දෙනකු තුවාල ලබා තිබේ.

මෙම රුසියානු රොකට් ප්‍රහාරය ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පිහිටි චප්ලින් නගරයට එල්ල වී තිබෙන අතර එම ප්‍රහාරයත් සමගම හටගෙන තිබෙනගින්නකින් මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් පස් දෙනකු රථය තුළම පිළිස්සී මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් මිය ගිය, පුද්ගලයන් අතර එකොළොස්වන වියෙහි පසුවන පිරිමි ළමයෙකුද වන බව වාර්තා වී තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනුයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සමුළුවක් තිබෙන අතරතුර වන අතර රුසියාව ආරක්ෂක මණ්ඩල සමුළුවට සූදානම් වනුයේ මේ ආකාරයෙන් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මුනිවත රකින බව වාර්තා වේ. ප්‍රහාරයෙන් මිය ගිය පිරිස, තවත් ඉහළ යෑමට ඉඩ තිබෙන බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment