පළාත් පාලන මාර්ග සිතියම් ගත කරයි

253

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද පැවසීය. මෙම වැඩපිළිවළ වසර 36කට පසුව ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, අදාළ මාර්ග අයත් රාජ්‍ය ආයතන පැහැදිළිව හඳුනා ගැනීමේ අවස්ථාව එමඟින් හිමි වන බව ද සඳහන් කළේය. එසේම මාර්ගගත තාක්ෂණය ඔස්සේ මහජනතාවට විධිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වා දුන් වැඩපිළිවෙළ යටතේ මේ වන විට පළාත් පාලන ආයතන 69ක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිය සේවාවන් ක්‍රියාත්මක කරන බවත්, තවත් පළාත් පාලන ආයතන 167ක් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබාදී, මෘදුකාංග ස්ථාපන කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment