වාදන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී

154

ප්‍රවීණ ට්‍රර්ම්පට්, ට්‍රර්ම්බෝන්, සැක්ෂෆෝන් වාදන ශිල්පියකු ලෙස ප්‍රකටව සිටි නිහාල් ප්‍රනාන්දු මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්, පසුගිය පස්වනදා අභාවප්‍රාප්ත විය. ගුවන් හමුදා භටයකු ලෙස ගුවන් හමුදාවට බැඳුණු ඒ මහතා එහි ඊගල් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර, ඉන් ඉවත් වූ පසු, සුපර්ෂයින්, සමන් ඇන්ඩ් ද ක්ලෑන් ඇතුළු ප්‍රකට සංගීත කණ්ඩායම්

රැසකම සුසිල භාණ්ඩ වාදකයකු ලෙස කටයුතු කළ ඔහු, විවිධ ගීත පටිගත කිරීම් රැසකටම තම දායකත්වය දක්වා ඇත. නිවුන් පුතුන් දෙදෙනකුගේ ආදරණීය පියකු වූ ඔහු මියයන විට හැට හය වන වියෙහි පසු විය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය හත් වැනිදා සවස් යාමයේ දී කිඹුලාපිටිය ලූර්දු මාතා දේවස්ථාන සුසාන භූමියේ දී සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment