රොෂාන් නෙරපීම ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සුබ බලපෑමක් – ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය කියයි

272

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත් කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇති කළ හැකි බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරයි.

ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් දේශපාලන බලපෑම් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් ද කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉවත් කර අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කළ ඇමැති රොෂාන් රණසිංහ මහතා එම තනතුරෙන් ඉවත්කිරීම රජය ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් මැදිහත් නොවීමේ ලකුණක් වනු ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment