තැපැල් වර්ජනයෙන් ඊයේත් ජනතාවට අපහසුතා

69

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තිය සමිති පෙරේදා (10 දා) ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ඊයේත් (11 දා) ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීම. රුපියල් 20,000 ක වැටුප් වැඩි වීම ලබාගැනීම සහ තැපැල් සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් තැපැල් වෘත්තීය සමිති විසින් පෙරේදා පස්වරු 4.00 සිට පැය 48 ක මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබිණි.

මේ හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයිනේ පළාත් රැසක තැපැල් කාර්යාලවලදි සේවාවන් බිඳ වැටී තිබිණි. තැපැල් මලු සහ පාර්සල් කාර්යාල තුළ ගොඩගැසී තිබූ අතර, රට පුරා තැපැල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3,410ක් සහ සියලුම පරිපාලන කාර්යාලවල තැපැල් සේවකයින් 27,000ක් ද මෙම සංකේත වැඩ වර්ජනයට එක්ව සිටියහ.

මෙම තැපැල් වර්ජනය අද (12 දා) මධ්‍යම රාත්‍රයෙන් අවසන් වීමට නියමිතය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment