ඩෙංගු මඬින්න ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා

58

දිනෙන් දින උත්සන්න වෙමින් පවතින ඩෙංගු රෝගය මැඬපැවැත්වීමේ අරමුණින් කීටයන් බෝවන ස්ථාන හඳුනා ගැනීම සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා සහාය ලබාගනිමින් ඩෙංගු මැඩීමේ වැඩසටහනක් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආරම්භ කරන ලදී. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ

මඟපෙන්වීමෙන්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස් පරිදි පානදුර ග්‍රාම නිලධාරී වසම් 52 ක වැඩසටහන ක්‍රියාත්මක බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩ් ඉෂ්මි මහතා පැවසීය.

පානදුර ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හමුවන මෝදරවිල මහල් නිවාස සංකීර්ණයෙන් වැඩසටහන පෙරේදා (25 දා) ආරම්භ කෙරිණ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment