පොලිසියේ වෙඩිල්ලට ජාවාරම්කරු බිලි

150


ජංගම දුරකථන අඩු මුදලට විකුණන ජාවාරම්කාර කණ්ඩායමක් සහ ඒවා මිලදී ගැනීමට මෝටර් රථයකින් පැමිණි හතර දෙනෙකුට කඩුවලින් පහර දෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව නාරම්මල වේරගල ප්‍රදේශයට පැමිණි පොලිසියට සොරු කණ්ඩායම විසින් පහර දීමට ගිය අවස්ථාවේදී සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මිය ගොස් ඇත.
සමාජ මාධ්‍යයේ පළකර තිබූ දැන්වීමකට අනුව වටිනා ජංගම දුරකථනයක් අඩු මුදලට ලබා ගැනීම සඳහා නාරම්මල වේරගල ප්‍රදේශයට පුද්ගලයන් හතර දෙනෙකු මෝටර් රථයකින් ඊයේ අලුයම පැමිණි තිබේ
එහිදී එම කණ්ඩායම විසින් ජංගම දුරකථනය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් වේරගල ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් මුදල් කොල්ලකෑමට සැරසී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව දෙපිරිස අතර ඇතිවූ ආරවුලකදී සොරු කණ්ඩායම රැගෙන ආ බව කියන කඩුවලින් මෝටර් රථය පැමිණි පුද්ගලයන්ට පහරදී ඇති බව පොලිසිය කියයි. මෝටර් රථයෙන් පැමිණි සිව් දෙනෙකු කඩු ප්‍රහාර වලට ලක්ව රෝහල් ගත කර ඇති බවද පොලිසිය සඳහන් කර සිටී.

පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව නාරම්මල පොලිසිය සහ පොල්ගහවෙල පොලිසිය එම ස්ථානයට ගිය අවස්ථාවේදී සොරු කණ්ඩායම පොලිසියටද පහර දීමට ගොස් ඇති අතර
එම තත්ත්වය පාලනය කිරීම සඳහා සිදුකළ වෙඩි තැබීමකදී ජාවාරම්කාර කණ්ඩායමේ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment