රිජ්වේ ළමා රෝහලේ  ළමයි 53කගෙන් 11 කට මන්දපෝෂණය – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

211

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් අතර සිදුකළ නියැදි පරීක්‍ෂණයකදී දරුවන් 11 දෙනෙකු මන්ද පෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය විනැයි එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවසීය.

මෙයට ප්‍රධානම හේතුව දරුවන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක ලැබීමේ අඩුවක් බව ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 11 දෙනකු හඳුනාගත් බව ද ඒ මහතා කීය.

තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කියා සිටියේය.

“රෝහලේ ළමුන් 53 දෙනෙක්ව අපි පරීක්‍ෂා කළා ඉන් හරි අඩකගේ තත්ත්වය බරපතළයි. අපිට මේක කරන්න හිතුනේ පසුගිය කාලයේ නිරීක්‍ෂණය කරපු යම් යම් කරුණු නිසයි. මෙතනදී අපේ දරුවන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක වන කාබොහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ ඛනිජ, විටමින් ලැබීමේ අඩුව. මේවා දරුවන්ට ලැබිය යුතුයි.

ඒ වගේම චීස්, බටර් වගේ දේවල්වලට වැඩිය දියර කිරි, බිත්තර, බත්, මුරුංගා වගේ කොළ මැල්ලුමක් ආහාරයට එක් කරන්න. ඒ වගේම දරුවාට කහපාට එළවළු ලබා දෙන්න.

එසේම දරුවාට අල, බතල වගේ දේවලුත් ලබා දෙන්න. එමෙන්ම මක්‍ඳ්fඤාක්කා, බතල වලින් පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙනවා.

ඒ විතරක් නෙවෙයි දරුවන්ට දඹල, පොකුණු මෑ, බඩඉරිඟු වගේ දේවල් දෙන්න. ඒ වගේම කෙසෙල්, ගස්ලබු, නමිනං, ජම්බු වගේ දේවල් ආහාරයට දෙන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ  තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment