පාසල් විවෘත  වන්නේ 18 වැනිදා

67

2022 වර්ෂයට අදාළ පාසල් දින දර්ශනයට අනුව මෙම මස 18 වැනිදා සඳුදා දින සිට පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

ඒ අනුව අද (11 දා) සිට 15 වැනිදා සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව ඇමැතිවරයා පවසයි.

අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ‘ඔන් ලයින්’ ක්‍රමවේදය ඔස්සේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ද සම්බන්ධකර ගනිමින් කළ සාකච්ඡාවකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment