පාස්කු නඩුවලින් රනිල් ඉවත් කරනවාද?

73

නියෝගය ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පාස්කු පෙත්සම්වල වගඋත්තරකාර ලේඛනයෙන් ඉවත් කරන්නේද නැතිද යන නියෝගය ඉදිරියේදී නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) පස්වරුවේ තීරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ විධායක ජනාධිපති ධුරයට පත්වී ඇති බැවින් ඔහුට එරෙහිව තවදුරටත් එකී නඩු ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය බලයක් නොමැති බැවින් ඔහු එකී පෙත්සම්වල වගඋත්තරකාරකමින් නිදහස් කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයාට හිමි මුක්තිය අනුව ඔහුට එරෙහිව එකී පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ බලයක් නොමැති බවද ජනාධිපති නීතීඥ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment