ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල පොදු රාජ්‍ය මණ්ඩලයීය වරම් දිනයි

269

මේ වසරේදී එංගලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ කාන්තා කි‍්‍රකට්  තරගාවලිය සඳහා සුදුසුකම් ලබා  ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත්වූවාය. එ් කී‍්‍රඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැති තරගාවලියේ අපරාජිතව අවසන් සහ සිව්වැනි තරගයද ජයගනිමිනි.

 සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ පැවැති පළමු තරග 3 ම ජයගෙන සිටි ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ සහභාගි වන සිව්වැනි සහ අවසන් තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමගින් ඊයේ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැත්විණි.

 කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 136ක් රැුස් කිරීමට සමත්වූවාය. චමරි අතපත්තු පන්දු 28කදී වේගවත් ලකුණු 48ක් වාර්තා කළ අතර ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක්ද එල්ල කිරීමට සමත්වූවාය. නිලක්ෂි ද සිල්වා ලකුණු 28කින් සහ අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 20කින් ශී‍්‍ර ලංකා ඉනිම සැරසීමට සමත්වූවාය.

 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 114කට සීමා විය. මුර්ෂිදා කාටුන් ලකුණු 36ක් සහ ෆර්ගනා හෝකිව් ලකුණු 33ක් රැස් කළ අතර නිගර් සුල්තානා ලකුණු 20ක් රැුස් කිරීමට සමත්වූවාය.

 චමරි අතපත්තු පන්දු යැවීමේදී ලකුණු 17ට බංග්ලාදේශ ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීය.

 ලකුණු සාරාංශය

 ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 136යි

 බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 114යි

advertistmentadvertistment
advertistmentadvertistment