ක්‍රීඩා ඇමැති නියෝගයෙන් රාජ්‍ය ඇමැති මහ ගෙදරට ගෙන්වයි

5552

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 07 ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ ක්‍රීඩා අමාත්‍යවරයාට වෙන්වූ කාර්යාල කාමරය වෙත ගෙන එන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබාදී ඇත.

ඊට අදාළ ලිපිය හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා වෙත ඊයේ (30 වැනිදා) දිනයේ නිකුත් කරන ලැබ ඇත.

රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලය සහ ක්‍රීඩා සංවර්ධන යටිතල පහසුකම් අංශය ද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය අතර ඒ අනුව රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලය මෙන්ම ක්‍රීඩා සංවර්ධන යටිතල පහසුකම් අංශය ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ හතරවන 4 වන මහලේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේ කොටසක රාජ්‍ය ඇමැති කාර්යාලය ද ස්ථාපිත කරන ලෙස එම ලිපියෙන් දැනුම් දී තිබේ.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට මසකට රුපියල් ලක්ෂ 42ක් පමණ වැය වන බව දන්වමින් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙම ලිපිය නිකුත් කර ඇත.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශ ගොඩනැඟිල්ල කොළඹ 07 ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමෙන් වසරකට ඉතිරි වන රුපියල් කෝටි 05කට ආසන්න මුදල ක්‍රීඩා සංවර්ධන අරමුදලට බැර කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දී ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment