හේලීස් වැවිලි සමාගම වගා ක්ෂේත්‍රයේ සිට කර්මාන්ත ශාලාව දක්වා යොදාගන්නා සිය නවෝත්පාදන ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වෙත ඉදිරිපත් කරයි

50
හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති එච්.ඊ. හිදෙකි මිසුකොෂි මහතාව අගයමින් තිළිණයක් ප්‍රදානය කළ අයුරු

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි, මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මිය කැළණි වැලි වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණි.

“ලෝ ප්‍රකට ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදනය කරන ආකාරය දැක ගැනීමට ලැබීම සතුටක්. හේලීස් වැවිලි සමාගම විසින් භාවිතා කරන තිරසාරභාවය සහ මානව සම්පත් පිළිබඳ නවෝත්පාදනයන් අත්විඳීමට සහ දැකුම්කලු තේ වගාවන් නැරඹීමට අඅපට අවස්ථාව ලැබුණා. හේලීස් වැවිලි සමාගම සිය සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. සමාගමට ඔවුන්ගේ අනාගත ප්‍රයත්නයන් සඳහා මම සුබ පතන අතර JASTECA හි සහාය ඇතිව ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති අද්විතීය ක්‍රියාදාමයන් සහ සමස්ත ආයතනික පද්ධතිය මම අගය කරනවා.” යනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා ප්‍රකාශ කළේය.

මෙම සංචාරයට හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ප්‍රමුඛ සමාගමේ කළමනාකාරීත්වය, කැළණි වැලි වැවිලි සමාගමෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර ප්‍රධාන/සාමාන්‍යාධිකාරී- මානව සම්පත් කළමනාකාර සහ ආයතනික තිරසාර සහ JASTECA හි උප සභාපති අනුරුද්ධ ගමගේ මහතා ක්ෂේත්‍රයේ සිට කර්මාන්තශාලාව දක්වා තිරසාර වැවිලි කළමනාකරණය සඳහා වූ සමාගමේ නව්‍ය, නවීකරණය කරන ලද ප්‍රවේශයේ ධනාත්මක බලපෑම පිළිබඳ පැහැදිලි කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment