අපේක්‍ෂා සහගත ප්‍රතිසංස්කරණවලට රජය පිවිසී සිටිනවා

104

මහ බැංකු අධිපති හා මුදල් ලේකම් ණය හිමියන්ට දන්වති

ශ්‍රී ලංකා රජය අපේක්‍ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ළඟාකර ගැනීම සහ රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ණය තිරසර බව යළි ඇති කිරීම, මිල ස්ථායීතාව යළි ඇති කිරීම සහ බාහිර ස්වාරක්‍ෂක යළි ගොඩනැඟීම, මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරැකීම, දූෂණ අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සහ තවදුරටත් වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව ද එම ඉදිරිපත් කිරීමේදී මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී තිබේ.

ඉදිරියේදී සියලු ණය හිමියන් සමග පවතින බැඳියාවන් විනිවිධ භාවයෙන් සහ මනා විශ්වාසයෙන් යුතුව වේගවත් කිරීමට අපේක්‍ෂා කරන බව ද වැඩිදුරටත් එම හමුවේදී ශ්‍රී ලංකා බලධාරීන් ණය හිමියන්ට දැනුම් දී තිබේ.

මෙම දැනුම්දීම කර ඇත්තේ මාර්ගගතව ණය හිමියන් සමග පැවැත්වූ හමුවකදීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment