දුරකථන සිම්පත නිසි ලෙස ලියාපදිංචි කර ගන්න – – විදුලි සංදේශ නියාමන කොමිසම

730

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයකුම නිසි පරදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඔබ දැනට භාවිතා නොකරන, දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී තිබේදැයි පරීක්‍ෂා කර ගැනීමට එම දුරකථන සමාගම් සම්බන්ධ කරගත හැකි බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පවසන්නීය. ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහා කටයුතු කරන ලෙස පතිරණ මහත්මිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සමගින් ඔබගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතා වැදගත් බව ද ඇය සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment