කුඩු බී මත්වී හික්කඩුවේ සම්භාහන මධස්ථානවලට පහර දුන් 8ක් අත්අඩංගුවට

473

ආයුර්වේද වෛද්‍යවරියකට සහ කතකටත් ගහලා: ලක්ෂ ගණනක දේපල හානි

හික්කඩුව වෑවල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථාන තුනකට පහරදී අලාභහානි කිරිම සම්බන්ධයෙන් තරුණයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.

සැකකාර තරුණයින් මත්ද්‍රව්‍ය පානය කොට මුහුණු ආවරණය කරගෙන යතුරුපැදිවලින් ගොස් මෙම පහරදීම් සිදුකොට ඇති බැව් පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම තරුණයින් විසින් සම්භාහන මධ්‍යස්ථානයක සිටි ආයුර්වේද වෛද්‍යවරයකුට සහ කාන්තාවකට ද පහරදී ඇති බව පොලිසිය පවසයි. පහරදීමෙන් මෙම සම්භාහන මධ්‍යස්ථානවලට ලක්ෂ 10, 12 ක පමණ බරපතළ හානි වි ඇති බවද පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වි ඇත.

පොලිසිය විසින් සැකකාර තරුණයින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී යතුරුපැදියෙන් ඇද වැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. මෙම පහරදීම් සඳහා නායකත්වය ලබා දී ඇත්තේ මිනීමැරුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයෙකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 හා 25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවද පොලිසිය පවසයි. පහරදීමට හේතුව අනාවරණය වී නොමැති අතර මත්කුඩු පානය කිරීමත් සමග ඇතිවු මානසික තත්වයත් සමග මොවුන් මෙම පහරදීම් සිදුකොට ඇති බවද පොලිසිය පවසයි.

හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment