සමාගම් 3ක් පොහොර මෙටි‍්‍රක් ටොන් එක් ලක්‍ෂ විසිදහසක් රඳවාගෙන

185

මෙරටට රසායනික පොහොර ගෙන්වන පෞද්ගලික සමාගම් විසින් පොහොර මෙටි‍්‍රක් ටොන් එක් ලක්‍ෂ විසිදහසක තොගයක් රඳවාගෙන සිටින බව අනාවරණය වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06* පැවසීය.
 
 එම පොහොර තොග සතියක් ඇතුළත බෙදාහරින ලෙස තමන් පෙරේදා (05 දා* සවස එම සමාගම් කැඳවා දැනුම් දුන් බවද අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇමැතිවරයා සඳහන් කළේය.
 
 ඒ අනුව සීඅයිසී සමාගම පොහොර මෙටි‍්‍රක් ටොන් 21000 ක්ද, බවර් සමාගම පොහොර මෙටි‍්‍රක් ටොන් 8000 ක්ද, හේලීස් සමාගම පොහොර මෙටි‍්‍රක් 28000 ක්ද බෙදා නොහැර ර`දවාගෙන සිටින බවට අනාවරණය වූ බවද ඇමැතිවරයා කියා සිටියේය.
 
 මේ වන විට සියයට 90, 95 සහ 97 වශයෙන් රට පුරා දිස්ත‍්‍රික්කවලට අවශ්‍ය පොහොර තොග බෙදාහැර ඇති බවත් එළවළු, අර්තාපල්, කෙසෙල් කුරු`දු සහ තේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන බවත් ඒ මහතා කීය.
 
 ඒ අනුව ඉදිරි මාස හතරක කාලයක් සඳහා අවශ්‍ය පොහොර තොග රට තුළ තිබෙන බවත් ඒවා නිසි ලෙස බෙදාහැරීමට අවශ්‍ය ක‍්‍රමවේදයක් සැකසීමට රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාට පවරා ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.
 
 මෙම කන්නයේ එලෙස හි`ගයකින් තොරව රසායනික පොහොර ලබා දුන්නද, ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර ලබා දෙන බවත් එහිදී යම් වගාවක අස්වැන්න අඩු වුවහොත්, ඒ සඳහා ගොවීන්ට වන්දි ලබා දෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment