බක්කි කරත්තයකින් ගාල්ලට පැමිණි සජබ තරුණ සාමාජිකට ඇප

457

තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරන දැන්වීම් ප‍්‍රදර්ශනය කරමින් බක්කි කරත්තයක නැගී ගාල්ල නගරයට පැමිණි සමගි ජනබල වේගයේ තරුණ බල මණ්ඩලයේ සාමාජික කණිෂ්ක ලැනරෝල් ඇතුලූ‍ සිව් දෙනෙකු බක්කි කරත්තයද සමග පෙරේදා(19)දහවල් ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

රජයට විරෝධය පල කරන දැන්වීම් එල්ලාගෙන බක්කි කරත්තයේ නැග මාගාල්ලේ සිට ගාල්ල නගරයට පැමිණි අවස්ථාවේ සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරින් විසින් සමුද්‍ර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සිව් දෙනා අතර බක්කි කරත්තය දක්කාගෙන පැමිණි පුද්ගලයාද වේ. පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ තලාපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බක්කිය කුලියට ගෙන පැමිණ ඇති බවය.

පසුව පොලිසිය ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පොලිස් ඇප මත සැකකරුවන් මුදා හරිනු ලැබු අතර අද (21) සැකකරුවන් අධිකරණයේ පෙනි සිටිමට නියමිතය.

අහංගම සුගතපාල දියගහගේ,වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment