ඩෙංගු තුන් ගුණයකින් නගී: රෝහල්වල පරීක්‍ෂණ පහසුකම් නෑ  

81

ඩෙංගු රෝගීන් තුන් ගුණයකින් වැඩිවී ඩෙංගු අධි ආරක්‍ෂිත කලාප 36 ක් නම් කොට තිබුණත් ඩෙංගු පරීක්‍ෂණ හඳුනා ගැනෙන ප්‍රතික්‍රීයක කට්ටල බොහෝ රජයේ රෝහල්වල නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

පසුගිය මාස කිහිපයේ දිවයින පුරා ඩෙංගු රෝගීන් හැටදහසක පමණ ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් එක්දහස් එකසිය පනස් දෙදෙනකු සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇතැයිද ඔහු කීය.

මෙය පසුගිය වසරට සාපේක්‍ෂව තුන් ගුණයක වැඩිවීමක් බවත් පසුගිය වසරේ අදාළ කාලසීමාවේදී වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් දහනවදහස් නවසිය දොළොස් දෙනකු බවත් ඔහු කීය.

මේ වසරේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන්ද, මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින්

පසුගිය වසරට සාපේක්‍ෂව බැලීමේදී වැඩි රෝගීන් සංඛ්‍යාවක්ද වාර්තා වී තිබෙන බව ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment