ඉන්දියාවෙන් ලංකාවට ඩීසල් මෙටි‍්‍රක් ටොන්  40,000ක්

108

මෙරට ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීම සඳහා ඉන්දීය රජය මගින් ඊයේ (15 වැනිදා) දහවල් ඩීසල් මෙටි‍්‍රක් ටොන් 40000 ක තොගයක් ශී‍්‍ර ලංකාවට ලබා දෙනු ලැබීය.

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ශී‍්‍ර ලංකාවට ලබා දෙනු ලබන ඩොලර් මිලියන 500ක ණය මුදල සැකසෙන තුරු මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය මෙම ඩීසල් තොගය ලබාදුන් බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

ඉන්දීය ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් මෙරටට රැුගෙන ආ මෙම ඞීසල් තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා වෙත කොළඹ වරායේදී ලබාදී ඇති අතර එම අවස්ථාවට වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ද සහභාගි වී තිබේ.

ඇතිවී තිබෙන විදේශ සංචිත අර්බුදය හමුවේ මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටියදී ණය පහසුකම් ඉල්ලා මිත‍්‍ර පාර්ශ්වික රටවලින් කළ ඉල්ලීම් අනුව ඩොල්ර් මිලියන 500ක ණය මුදලක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බව මෙහිදී ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ අතරේ ඇති වූ නියඟය නිසා විදුලිය සැපයීම වෙනුවෙන් ඞීසල් ඉල්ලූම ඉහළ ගිය බැවින් අදාළ ණය මුදල සැකසෙන තුරු ශී‍්‍ර ලංකාවට ක්‍ෂණික උදව්වක් කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළ බව මෙහිදී කී උදය ගම්මන්පිල මහතා ඒ අනුව ඉන්දීම මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මැදිහත්වී ඉන්දීය ඔයිල්

සමාගමෙන් මෙම ඉන්ධන තොගය ලබාදුන් බවද කීය.

අදාළ ඞීසල් තොගය කොළඹ වරායේ සිට නළ මාර්ග ඔස්සේ ඛනිජ තෙල් සංස්ථා ගබඩා වෙත පොම්ප කිරීම ඊයේ දහවල් වන විට ආරම්භ කර තිබිණි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment