නොවැම්බරයේ උසස් පෙළට දැන්මම සූදානම් වෙමු – මතක ශක්තිය වැඩි කරගන්න මෙන්න ක්‍රමය

363

විභාගය යනු ළමයාගේ ජීවිතයේ අලංකාරය හා වටිනාකම ලබන්නට යන ගමන් මගෙහි එක්තරා පියවරකි. පිටගැට පෙළකි. මෙම පියගැට පෙළෙන් ඉහළට නැගීමෙන් සියලු සිතැඟියාවන් ඉටුකර ගැනීමට හැකිවෙයි. සමහර ළමයි පහළ පංතිවලදී විශේෂ දස්කම් සහිතව සිටියත් ඉහළට යන මෙම කඩඉම් විභායේදී දුර්වල වනු ඇත. පාඩම් කිරීමට පොත අතට ගත් කල හිස බර වෙයි. නිදිමත ඇතිවෙයි, කම්මැලි වෙයි, හැකියාව තිබෙද්දී එසේ කම්මැලිකම තිබෙන ළමයි යළි පිබිදීමට මෙම බෙහෙත් වතුර නාන්න.

කොහොඹ කොළ – පොතු – නුගකොළ පොතු, ඇසතු හෙවත් බෝ කොළ පොතු – සුදු හඳුන් කෑලි – අගිල් කෑලි – දේවදාර කෑලි – අමුකහ අල – කලාඳුරු අල – නෙළුම් අල – එන්සාල් – කුරුඳු මුල් – බෙලි මුල් – බැබිල මුල් – සතකුප්ප – වෙනිවැල්ගැට මේවා එකට දමා තම්බා එම වතුරෙන් නාන්න. තමා නාන දවසේ ඕනෑම වෙලාවක නාන්න පුළුවනි. සබන් ගාන්න එපා. මෙසේ දින 9 ක් නාන්න. හිස බර ගතිය නැතිවෙයි. සිතට ප්‍රබෝධයක් ඇතිවෙයි.

● බුද්ධිය වර්ධනය වීමට

ලුනුවිල – මුඩ මහන, වියළි ඉඟුරු – තිප්පිලි මේවා පවනේ වියළාගෙන වෙන වෙනම කුඩුකර එක සමානව ගෙන මී පැණිවලින් කලවම්කර වරකට බටු ගෙඩියක් තරම් ගුලියක් උදේ සවස කන්න. තෙල්, බැදුම්, අච්චාරු, කරවල, මස්, මාළු ආදියෙන් වළකින්න. උෂ්ණ කෑම අගුණයි. මෙයින් බුද්ධිය වර්ධනය වෙයි.

මෙම බෙහෙත පවනේ වියළා ගන්න යන විට කලක් ගතවෙන බැවින් එය ඉක්මන් කර ගැනීමට නම් ලුනුවිල සහ වෙල්මුඩ දිය හිඳෙනතුරු වේලෙන්න හැර ඉඟුරු කුඩු තිප්පිලි සමඟ මී පැණියෙන් බෙහෙත් ගලෙන් අඹරා ගන්නත් පුළුවනි. කැලේ මීයකින් ලබා ගන්නා මී පැණි නම් වඩා හොඳයි.

විභාගයට ඉදිරිපත්වෙන ළමයින්ට ඉතා හොඳ බුද්ධි වර්ධනයක් ඇති කරන මතකය අවදි කරවන බෙහෙතකි.

● මේ සඳහා තවත් බෙහෙතක්

වද කහ අල – අවරිය ඇට – ඔලිඳ අට – තල මුල් – වැල්මී – බැබිල මුල් – කරල් සැබෝ යන බෙහෙත් වර්ග ගෙන මී පැණියෙන් බෙහෙත් ගලෙන් අඹරා වරකට බටු ගෙඩියක ප්‍රමාණයක් කන්න.

● පාඩම් හිටීමට බෙහෙතක්

අරළු – වදකහ – තිප්පිලි – ඉඟුරු – සයින්ද ලුණු – ගම් මිරිස් – කුරුඳු පොතු – මුරුංගා පොතු – මේවා කලං 12 බැගින් ගෙන කුඩුකර ගිතෙල් බෝතල එකයි එලකිරි බෝතල හතරයි දමා ලිප තබා හිඳෙන්න හරින්න.

ගිතෙල් පමණට ආපසු බාගෙන සුරැකිව තබා ගෙන දවසට තුන් වරක් මේස හැඳි එක බැගින් බීමෙන් ධාරණ ශක්තිය ඇතිවෙයි. පාඩම් මතක හිටී. මේ ඉදිරිපත් කර ඇත්තේ අත්දුටු බෙහෙත් පන්තියකි. නෙවැම්බර් මස පැවැත්වෙන උසස්පෙළ විභාගය සමත් කර ගැනීමට මෙය උපකාරයක් කර ගන්න.

නොවැම්බරයේ උසස් පෙළට දැන්මම සූදානම් වෙමු - මතක ශක්තිය වැඩි කරගන්න මෙන්න ක්‍රමය

සාම විනිසුරු ජ්‍යොතීර්වේදී ශබ්ද විද්‍යා විශාරද
බෙල්පාමුල්ලේ – එච්. පී. සිරිසේන
දු.ක.-0772973467

advertistmentadvertistment
advertistmentadvertistment