ජල ගැලීම් නිසා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක ජනතාව ඉවත් කිරීමට යයි

361

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගෙන ඇති ජල ගැලීම්වලට හසුවීමෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර නිවාස 500ක් පමණ ජලයෙන් යට වී විශාල පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වී තිබේ.

මෙම ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේ‍ලියානු ප්‍රාන්ත වන වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් හා තස්මේනියා යන ප්‍රාන්තවලට වෙනත් වසරවල මෙම මාසයේ ඇද හැලෙන වැස්සට වඩා සිවු ගුණයකින් වැඩි වර්ෂාවක් ඇද හැලී ඇති අතර ජල ගැලීම් දරුණු ලෙස වැඩි වීමේ අවදානමක් පැවතීම හේතුවෙන් අදාළ ප්‍රාන්ත තුනෙහි ජනතාව වහා ඉවත් කර ගන්නා ලෙස ඔස්ට්‍රේලියානු රජය ප්‍රාන්ත බලධාරීන්ට දැනුම් දී තිබේ. දැනටමත් ජල ගැලීම්වලට ගොදුරු වූ එක් අයෙකු අතුරුදන් බව වාර්තා වී තිබේ. දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් හටගෙන ඇති මෙම ධාරානිපාත වර්ෂාව ආශ්‍රිත ජල ගැලීම් හේතුවෙන් වාර්ෂිකව ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් විපතට පත් වන බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment