පිටකොටුවේ පොලිස් නිලධාරිනියන් දෙදෙනකුට අතවර කරන්න හදලා – සැකකරු අත්අඩංගුවට

689

රාජකාරිය නිම කර බැරැක්කයට යමින් සිටි පිටකොටුව පොලිසියේ පොලිස් කාන්තාවන් දෙදෙනකුට පෙරේදා (20 දා) රාත්‍රියේ අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු ඒ අවට සිටි පිරිස විසින් මහත් පරිශ්‍රමයකින් අල්ලාගෙන ඇත.

මෙම පොලිස් කාන්තාවන් දෙදෙනා සහ එම පිරිස මෙම සැකකරු පිටකොටුව පොලිසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබිණි.

53 හැවිරිදි මෙම පුද්ගලයා පෙරේදා රාත්‍රි හතට පමණ පොලිස් කාන්තාවන් දෙදෙනාට අතවර කිරීමට තැත්කර ඇත්තේ ඔවුන් නිල ඇඳුමෙන් සැරසී සිටි මොහොතේ බව පිටකොටුව පොලිසිය කියයි.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment