නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ ‘සියම් ශ්‍රී ලංකා වචිර ස්වර්ණ භූමි රන්සෑය’ ශාසනයට පූජා කෙරේ

124

තායිලන්ත ශ්‍රී ලංකා මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ ‘සියම් ශ්‍රී ලංකා වචිර ස්වර්ණ භූමි රන්සෑය’ ශාසනයට පූජා කිරීම පසුගියදා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ හා තායි ශ්‍රී ලංකා බෞද්ධ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ ‘සියම් ශ්‍රී ලංකා වචිර ස්වර්ණ භූමි රන්සෑය’ ශාසනයට පූජා කෙරේ

අවුරුදු 700 ක් පැරැණි ශ්‍රී ලංකා හා සියම් බෞද්ධ සබඳතාව අලුත් කරගනිමින් ස්වේදගෝන් චෛත්‍යයේ අනුරුවක් ලෙස නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවුණු රන්සෑය, ‘ශ්‍රී ලංකා – සියම් වචිර ස්වර්ණ භූමි රන්සෑය’ නමින් තායිලන්තයේ මහා සංඝරාජයාණන් වහන්සේ විසින් නම්කොට ගොයුම් ගොක් මුනි සසුනට පුදනා පුණ්‍ය මෞලි මංගල්‍යය මෙලෙස පැවැත්විය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් ඉදිවුණු මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත තායිලන්තයෙන් වැඩම කරනු ලැබූ සර්වඥ ධාතුන් වහන්සේලා තායිලන්ත විශේෂ රාජකීය දූත පිරිස විසින් වැඩම කරවීමද මෙහිදී සිදු කෙරිණ.

මෙම උතුම් අවස්ථාවට ආශිර්වාද කරමින් අස්ගිරි මහා විහාරයේ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු අස්ගිරි මල්වතු උභය විහාරයේ අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කාරක සංඝ සභිකයන් වහන්සේලා, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා, හිටපු සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා, තායිලන්තයේ මහ කොමසාරිස්තුමා, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment