නිවස අපායක් කරගන්නෙ ඔබමයි

532

සාධාරණව හරි හම්බ කරල පුංචි ගෙපැලක් හදාගෙන ජීවත්වූ කාලයේදී ටිකකින් හරි අපේ ගෙදරට නව ආලෝකයක් ආවේ අපේ ලොකු පුතා ලැබුණට පස්සෙ. ලොකු පුතා ඉපදිලා වසර 3 ක් යනකොට තමයි ලොකු දුව ලැබුණේ. දවසින් දවස ගෙදර සතුට සමාදානය පවුල ඇතුලේ තිබුණා. ඒක නිසාම වසර 10 ක් යන්ටත් පෙර අපේ පවුල පුතාල 2 යි දූවරු 02 කින් සමන්විත වුණා. ගෙදර තිබුණේ එක කාමරයක් නිසා ටිකක් ඉඩ මදි නිසා අපේ ගමේම හිටපු වාස්තු පරීක්‍ෂක මහත්තයා ගෙන්වල නිවසේ වාස්තු පරීක්‍ෂා කරල නිවස ටිකක් ලොකුවට හැදුවා. අපේ අලුත් ගෙයි දොරවල් ඔත්තෙ ගණනටත් ජනේල ඉරට්ටේ ගණනටත් තියල මූලික දොරේ පළල වගේ වෙනත් දොරවල් නැති විදියටයි දොර ජනේල සවිකළේ. පිටුපස දොර ටිකක් කුඩාවටයි සවිකළේ.

දරුවො ටිකක් ලොකු මහත්වනකොට අපි ඒ අයගේ කේන්දර පරීක්‍ෂා කර ගත්තා. ඒ විස්තර නම් මතක නැහැ. ලොකු පුතාට නම් කිව්වා පාසල් යන කාලෙට අපොස සා.පෙළ නරක් වුණත් උසස් පෙළ ජය ගන්නව කියලා. ඒ වගේම සාමාන්‍ය පෙළ අසමත් වුණා. නිකං ගෙදරට වෙලා ඉන්න බැහැ කිව් නිසා තාවකාලිකව ගෙවීමේ ක්‍රමයට ත්‍රිරෝද රථයක් අරගෙන දුන්නා. ඒක අරගෙන ටික දිනකින් උසස් පෙළ පාඩම් කරන්න බැහැ කිව්වා. ඒ හම්බවෙන මුදලට ආස හිතිලා වන්ට ඇති. පසුව දැනගත්තා එයා උසස් පෙළ කළා නම් රටේ වැදගත් කෙනෙක් වන බව. මේ විදියේ වැඩ සිදුවනවිට අපි කේන්දරය පරීක්‍ෂා කළා. එතකොට අපි ප්‍රමාද වැඩියි. එයත් කීයක් හරි ගෙනත් දෙන නිසා ගෙදර ආදායම නම් වැඩිවුණා.

අපි මේ විදියට ජීවත් වන කොට එයා කිව්වා හදිසියෙන් විවාහයක් වන්ට ඕන බව. කල වයසත් හොඳ නිසා අපේ ලොකු අයියගේ දුව මෙයාගේ වයසේ නිසාම මෙයාට කතාකරන්ට හිතාගෙනයි හිටියේ. එහෙම හිතාගෙන පොරොන්දම් පරීක්‍ෂා කරන්න සූදානම් වුණා. ඒ වුණාට ඒ වනවිටත් එයාගේ සහකාරිය එයා තෝරාගෙන තිබෙන බව කිව්වාම අපි පුදුම වුණා. ඒකත් දුරකථනයෙන් සම්බන්ධ වූ බවත් ඇයත් සාමාන්‍ය පවුලක ගාමන්ට් එකක වැඩකරන බවත් දැනගත්තා. ඒක නවත්වන්ට කොච්චර කිව්වත් හරිගියේම නැහැ. පුතා අසතුටින් වුවද ඇගේ කේන්දර කොපියක් ඔහුට හොරෙන් ගමේම ඉන්න ජ්‍යෙතිෂ්‍ය මාමාට දුන්නා. ඒක පරීක්‍ෂා කරල කිව්වා අගේ කේන්දරයේ 8 වැන්නාධිපති ලග්නෙ ඉන්න නිසාත්, ඇයගේ නැකත බ්‍රහස්පතිට අයත් පුවපුටුප කැකතේ පළමු පාදයේ බවත් ඊට ප්‍රතිඵල වශයෙන් දරු සම්පත් අහිමි බවත් තත්කාල කේන්දරයේ අටවැන්නාධිපති ලග්නයට හෝ 7 වැන්නට ආ කලට වෙනත් ආශ්‍රයක් පවත්වන බව. මේ මොනවා කිව්වත් ඒවා ගණන් නොගෙන පුතා ඇයව විවාහ කර ගත්තා.

තවදුරටත් ජ්‍යොතිෂ්‍ය මාමා විස්තර කළා. ඕනෑම කේන්දරයක බ්‍රහස්පතිට අයිති නැකතක පළමු පාදයෙන්ද, සෙනසුරුට අයිති නැකතක දෙවන පාදයෙනුත් සිකුරුට අයිති නැකතක තුන්වැනි පාදයෙනුත්, රවිට අයිති නැකතට සිව්වැනි පාදයෙනුත් උත්පත්තිය ලැබුණොත් ඒ අයට දරුවෝ එහෙමත් නැත්නම් දරු සම්පත් අහිමියි කියලා. තවත් කිව්වා ඕනෑම ජන්ම පත්‍රයක 8 වැන්නාධිපතියා ලග්නෙ හෝ විවාහක ස්ථානයේ හෝ පිහිටියොත් තත්කාල කේන්දරයේ ඒ ගෝචර කාලයට එවැන්නෙක්ම ඒ කිව්වේ ස්වාමියෙක් නම් තවත් ගැහැණියක සමඟ හා ගැහැනියක් නම් තවත් පිරිමියෙක් සමඟ නීත්‍යානුකූල නොවන ඇසුරක් පවත්වන බව. මේ සම්බන්ධව අපි ඒ දිනවල දැනගෙන හිටියනම් මේ කරදර කිසිවක් ඇති වන්නේ නැහැ නේද කියා අම්මා කිව්වා.

මේ විදියට අලුත් ජෝඩුව තනි කැමැත්තට විවාහවෙලා මහ ගෙදර පදිංචියට ආවා. ටික දිනක් ගතවෙද්දී නංගිලා මල්ලිලා සමඟ එකට ඉන්න බැරි නිසා මේ තනි ගෙය මැද බිත්තියෙන් වෙන්කළා. දැන් එකම වහල යට බත් මුට්ටි දෙකක් ඉදෙනවා. මේ විදයට මාස 6 ක කාලයක් හිටින්න ඇති. ඊට පසු දෙපැත්තෙම ඉන්න අයට කරදර ක්‍රමයෙන් වැඩිවුණා. හරියට කවුරු හරි අපිට හූනියමක් කළා වගේ. ඒ අතර තුර අපි එයාලට ගුරුකම් කළා කියලා හිත් අමනාපයකුත් ඇති වුණා. බැරිම තැන මේ අපට මොකද වුණේ කියලා අර පෙරදා ගෙදර පරීක්‍ෂා කළ මහත්තයටම කිව්වා. සුපුරුදු පරිදි එයා ඇවිත් ඔලුවේ අත තබාගත්තා. කවුරුත් හූනියම් කරලා නැහැ. කරගෙන තිබෙන්නේ ඕගොල්ලොමයි කියලා විස්තර කළා. මේ වගේ හොඳට දොර ජනෙල් හරි ගාණට දමලා සමතුලිත තාවය තබලා ගෙවල් හදලා එක්තරා දවසක මේ විදියට වෙන්කළාම මේක වෙනවා. සමතුලිතතාවය නැතිවනවා. දියුණුව නැතිවනවා. කරදර ඇතිවනවා. ඉතින් හූනියම් කරල කියලා ශාස්ත්‍ර අහනවා. ඒ අය මේ කරදර වැඩි කරනවා. මෙහෙම ගෙවල් හිතුවක්කාරකමට වෙන් කළාට එක පැත්තකට තියෙන දොර ජනෙල් ගණන වෙනස් වනවා. දිශා වෙනස් වනවා කියල විස්තර කළා.

වර්තමානව අපේ තරුණ, තරුණියන්ට කාමුක අවශ්‍යතාවයන් හා බලපෑම් වැඩිවශයෙන්ද, මුදල් ලැබීම ඉතා අවම ස්ථානයක පැවතීම කැපී පෙනෙනවා. මීට රටේ පරිහානිය බලපවත්වනවා තමයි. ඒත් අපි රට හදන්නෙ කොහාමද? මීට ජ්‍යොතිෂ්‍ය වශයෙන් හේතු සාධක තිබෙනවා. විශේෂයෙන් අනවශ්‍ය පුරුදු ඇතිකර ගැනීමත් අවශ්‍ය පුරුදු නැතිකර ගැනීමත් වෙනවා. ඊට ප්‍රධාන හේතුව ජ්‍යොතිෂය පෙන්වා දෙනවා. මේවා සමහර විට අපටම හදාගන්න හැකියි.

පෙරදිග රටවල පැවැති ජ්‍යොතිෂය හා එම කරුණු අපරදිග මානවයා ඕනෑ කමින්ම ඔවුන්ගෙන් බැහැර කරවීම මූලික වනවා. මතකයෙන් නැත්නම් මනුෂ්‍ය මොලයෙන් විස්තර කළ ජ්‍යොතිෂමය පරිණතවීම ප්‍රධාන හේතුව වනවා. පරිගණකය ඉතා සංකීර්ණ පද්ධතියක් ඉදිරිපත් කරන යන්ත්‍රය වුණාට ජ්‍යොතිෂය වැනි ශාස්ත්‍රවලට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ. විශේෂයෙන් ජ්‍යොතිෂ්‍ය පරිහරණය කරන්නෙ අතීතයේ සිදුවූ හා අනාගතයේදී සිදුවන කිසියම් හෝ සිද්ධියක් දැනගැනීමටය. එය නිතර වෙනස් වන ග්‍රහ-තරු සමඟ කරන අපූර්වතම විශ්ලේෂණයකි.

ලෝකය පවතින්නෙ විශ්ව ශක්තිය හේතුකොට ගෙන ග්‍රහ-තරු-ආපෝ-වායේ-තේජෝ-පඨවි – ආකශ යන පංච මහා භූතයන්ගේ වෙනස්වීම් තුළින් සිදුවන ප්‍රතිඵලයන්ය.

අනවශ්‍ය ලෙස යම් යම් ග්‍රහ තරු රත්වීම නිසා ඒ කිරණ පොලාව මතට වැටීම හේතුකොටගෙන පොලෝතලය අධික ලෙස රත්වීම හටගනී. ආපෝ බලයෙන් වියළි සුළඟේ වේගය නිසා වසංගත ඇතිවීම වැළැක්විය නොහැකි වන්නේය. මේ ආකාරයට රෝග ඇතිවීමේ හේතුව ජ්‍යොතිෂ මගින් සෙවීමේදී රෝග වැළැක්වීම වෛද්‍ය විද්‍යාවෙන් සෙවීම කරයි. මේ වර්ෂයේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල අධික රශ්මියද ඇතිවීමට හේතුව මෙයම වන්නකි.

මනුෂ්‍යයාට අවැසි/නොඇවැති සෑම දෙයම ජන්මියකුගේ කේන්දරයක රාශි දොළහෙන් කිවහැකි වන්නේය. මෙය පහසු කිරීමේ වස් ලග්න ස්ථාන, ධනස්ථාන, සහජ බන්දු, ප්‍රියඃ ශුතඃ ශත්‍රැ කල තන්ත්‍ර මුත්‍රත්‍රංච, ධර්ම, කර්ම, අයඃ, වැයඃ යයි ජ්‍යොතිෂ්‍ය ශ්ලෝකයේ දැක්වේ. මෙම රාශි ස්ථානවලට ඒ ඒ කිරණ වැදීමෙන් යහපත හෝ අයහපත ඇති කරයි.

කරුණු එසේ නම් ඕනෑම ජන්මියකුගේ 3 වැනි රාශියටත් 7 වැනි රාශියටත් 9 වැනි රාශියටත් යහපත් කිරණ පතිත වීමෙන් කාමුකය ඉස්මතු කිරීමත්, 2-11 රාශිවලට අයහපත් කිරණ වැදීමෙන් ධනය ලැබීම දුර්වලවීමත් නොනැවැත්විය හැකි කරුණක් බව ජ්‍යොතිෂ්‍ය පෙන්වා දෙයි. මීට අමතරව 2 හා 7 වැනි රාශි එක වර නරක්වීම මරණයට පවා හේතුවෙන බව ගැඹුරු ජ්‍යොතිෂයේ පෙන්වා දෙයි.

කේන්දරයක් පරීක්‍ෂා කිරීමේදී මෙම ග්‍රහ කිරණ වෙනස්වීම් හඳුනාගත් අවස්ථාවේදී යන්ත්‍ර පැළඳීම මැණික් ගල් අල්ලා මුදු පැළඳීම කරනුයේ මෙවැනි අයහපත් කිරණ ශරීරගත වීම වැළැක්වීමටය. එම නිසා අද සමාජයේ යෞවනය එනම් තරුණ තරණියන්ගේ ජන්ම පත්‍රවල රාශි 3,7,9 හා 2-11 පරීක්‍ෂා කර ගැනීමෙන් මෙම කාමුක ප්‍රශ්නත් මිල මුදල් හීන වීමේ ප්‍රශ්නත් ඇතිවීමට හේතුව සොයාගත හැකි බව ජ්‍යෙතිෂ්‍යයේ මතයයි. මේ කෙසේ වෙතත් මෙම තත්ත්වය සැමදා වෙනස්වන විශ්ව ශක්තිය අනුව අනුලෝමව ප්‍රතිලෝවම වෙනස් වන බවත් දත යුතු කරුණක් වන්නේය.

නිවස අපායක් කරගන්නෙ ඔබමයි

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ ගුප්ත විද්‍යාදර
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment