ජිනීවා අමතන්න ගිය මන්ත්‍රීලාට බේබදුකම ලොකුවෙලා

890

ඇහැරෙන විටත් වෙලාව පැනලා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමැතීමට ස්විට්සර්ලන්තයට ගිය විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඊට පෙර දින රාත්‍රියේ මත්පැන් සාදයකට සහභාගි වී සූර්වීම නිසා සමුළුව ඇමතීමට යා නොහැකි වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්‍ෂයේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට ඉකුත් 05 වැනිදා පෙරවරු 9.30ට සහ 10.10ට මානව හිමිකම් සමුළුව ඇමතීමට කාලය වෙන් වී තිබේ.

ඊට පෙර දින රාත්‍රියේ සුරිච් නුවරදී සිය හිතවතුන් පිරිසක් සංවිධානය කළ මත්පැන් සාදයකට සහභාගි වී සූර්වීම නිසා ඔවුන් දෙදෙනා අවදි වී ඇත්තේ පසු දින දහවල් 11.00ට පමණ බව වාර්තාවේ.

ඒ අනුව ඔවුනට නියමිත වේලාවට ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට යා නොහැකි වීම නිසා සමුළුව ඇමතීමට නොහැකි වී තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment