ප්‍රිගෝෂින් ‘බරපතළ වැරදි කළ දක්‍ෂ ව්‍යාපාරිකයෙක්’

385

ගුවන් අනතුර ගැන පුටින් පළමු වරට කට අරී

ගුවන් අනතුරකින් මරණයට පත්වූ වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින් ‘ජීවිතයේ බරපතළ වැරදි සිදු කළ දක්ෂ ව්‍යාපාරිකයකු’ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ. රුසියානු ජනපතිවරයා ගුවන් අනතුර ගැන ප්‍රථම වරට අදහස් පළකරමින් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පළ කර ඇත.

පුද්ගලයන් 10 දෙනකු මරණයට පත් කරමින් රුසියාවේදී කඩා වැටුණු ජෙට් යානයේ සිටි ගුවන් මගීන්ගේ ලැයිස්තුවේ වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින්ගේ නම ද වන බව රුසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පසුගිය සතියේ ප්‍රකාශ කර තිබිණි.මේ සිද්ධිය ගැන අදහස් දක්වමින් වාග්නර් බළකායට සම්බන්ධ ටෙලිග්‍රෑම් නාළිකාවක් වන ග්‍රේ සෝන් වාර්තා කළේ, 62 හැවිරිදි ප්‍රිගෝෂින්ට අයත් පෞද්ගලික ගුවන් යානයක් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් වෙඩි තබා බිම හෙලූ බවය.

වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින් පසුගිය ජුනි මාසයේදී පුටින්ගේ ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ අතර එය පැය 24 න් නිමාවිය. ප්‍රිගෝෂින් ජූනි 23 සහ 24 දිනවල යුක්‍රේනයෙන් තම හමුදා ඉවත් කරගෙන දකුණු දිග රුසියානු නගරයක් වන රොස්ටොව් ප්‍රදේශයේ බලය අත්පත් කර ගනිමින්, මොස්කව් වෙත ගමන් කරන බවට තර්ජනය කර තිබිණි. රුසියානු ජනපතිවරයා මේ කැරැල්ල පාවාදීමක් සහ පිටුපසට පිහියකින් ඇනීමක් ලෙස ප්‍රකාශ කර තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment