එන්නත් මගඩියේ මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නේ නෑ -සීඅයිඩීයට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිලි

180

ප්‍රශ්න ගත හිහුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිජීවක එන්නත් කුප්පි සහ රෙටෝපීමැබ් එන්නත් වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ මොළකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ඊයේ (01 දා) ‘මගෙන් රටට’ සංවිධානය පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අධිකරණය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත්කර තිබියදී පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය කඩ කරමින් එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි එම සංවිධානය සිය පැමිණිල්ල මගින් කියා තිබේ.

අදාළ වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියමිතව පැවතියත්, ඖෂධ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් මෙලෙස නිදැල්ලේ සිටීම ප්‍රශ්න සහගත බව ‘මගෙන් රටට’ සංවිධානය සභාපති සංජය මහවත්ත මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසීය.

ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රෙටොපීමැබ් වංචාවට සම්බන්ධ පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට අල්ලස් ලබාදී මෙම සිද්ධිය යට ගැසීමේ කුමන්ත්‍රණයක් දියත්කර ඇති බවට තමන් තුළ විශාල සැකයක් පවතින බව ද ඒ මහතා වැඩිදුරත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment