මිල්කෝ රකින්න කිරි ගවයෝ 500ක් කොළඹට

632

ලාභ ලබන දේශීය කිරි සමාගම වන මිල්කෝ ආයතනය ඉන්දියාවේ “අමුල්” සමාගමට ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් ඉදිරියේදී කිරි ගවයන් 500 දෙනකු හා කිරි ගොවියන් 500 දෙනකු කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව මිල්කෝ ආයතනයේ පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී සේවක සංගමයේ වෘත්තීය සමිති ලේකම් බණ්ඩාර රඹුක්වැල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

මීට අමතරව මෙම විරෝධතාවයට මහජනතාව සහ මිල්කෝ සේවකයන් සියලු දෙනාද කැඳවන බව හෙතෙම කීය.

සේවකයන් 1200කගේ කිරි ගොවීන්ගේ 14,000කගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලිඛිතව කිසිදු තොරතුරක් ලබාදී නැතැයි ද ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් ලබාදෙන බවට දැනුම් දුන්නත් මෙතෙක් එය ලබාදීමට බලධාරීන් කටයුතු කර නැතැයිද හෙතෙම කියා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ අඹේවෙල, දිගන, පොළොන්නරුව, කොළඹ කර්මාන්තශාලා වල සේවකයන්ගේ රැකියා අනතුරේ බවත් මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවද ඒ මහතා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment