කෑම මිල වැඩිකිරීමට විරෝධය

260


කිසිදු පදනමකින් තොරව ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගත් තීරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි .ඒ අනුව මෙම මස 06 වැනිදා අදාල පැමිණිල්ල සිදුකරන බව එම ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේය.මේ අතර ආපනශාලා හිමියෝද පවසන්නේ මේ මොහොතේ ආහාර මිල වැඩිකිරීමට තමුන් ක්‍රියා නොකරන බවය. තේ කෝප්පයක් රුපියල් 5.00 කින් කිරි තේ කෝප්පයක් රුපියල් 10.00 කින් කෙටි ආහාර වර්ග රුපියල් 10.00 කින් බත් පාර්සලයක් රුපියල් 25.00 කින් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් රුපියල් 50.00 කින් ඉකුත් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment