අදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම ආරම්භ කරයි

28

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හි පළමු MW 551 සූර්ය ධාරිතාව ක්‍රියාත්මක කරයි

දකුණු ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) සමාගම මෙන්ම ලෝකයේ දෙවන විශාලතම සූර්ය PV සංවර්ධකයා වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හී ඉදිකරන ලද පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 551 MW පමණ සූර්ය ධාරිතාවක් ක්‍රියාත්මක කර තිබේ.

මාර්ග ඇතුළු අනෙකුත් මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ස්වයං තිරසාර සමාජ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම මඟින් මාස 12ක් ඇතුළත අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මෙම ඛාවඩා පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.

එමෙන්ම Run of Kutch හී පිහිටා තිබූ නිසරු භූමි ප්‍රදේශයක් 8,000ක පමණ සවිමත් ශ්‍රමබලකායක් සඳහා වාසය කිරීමට සුදුසු පරිසරයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය ද අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සාර්ථකව ජයගෙන තිබේ. ඉදිරි වසර 05 තුළදී මෙම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ බලශක්ති ධාරිතාව 30 GW දක්වා ඉහළ නැංවීමට අදානි සමාගම සැලසුම් කර ඇති අතර එමඟින් එය ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උත්පාදන උද්‍යානය බවට පත් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment