හෙල්මට් ප්‍රහාරයකින් අලුත්ගම ගුණරතනාරාම නායක හිමි රෝහලේ

171

නිකිණි පුන් පොහෝදා නිමිත්තෙන් පෙරේදා (30දා) සවස අලුත්ගම ගුණරතනාරාමයේ පැවති පිංකම් උත්සවය අවසානයේදී එහි වැඩ විසූ නායක හිමියන්ට පුද්ගලයන් දෙදෙනකු පැමිණ පහරදීම නිසා එම හිමිනම නාගොඩ රෝහලට ඇතුළත්කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මෙම සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ පෙරේදා සවස එම පන්සලේ නායක හිමියන් වන ලියදවිල සුමනරතන හිමියන් (70) බැහැදැක තිබේ.

‘ඔබ වහන්සේ ජලය බෙදාහැරීමේ ව්‍යාපෘතිය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්නේ නෑ’ සැකකරු මෙම හිමිනමට තර්ජනය කර ඇත. මෙම ජල ව්‍යාපෘතියේ සභාපති තමා නොවන බව සඳහන් කළත්, එම සැකකරුවන් කුපිත වී මෙම නායක හිමියන්ට හෙල්මට් එකෙන් පහරදී තිබේ. මේ මොහොතේ පන්සලේ සිටි දායකයන් පිරිස මැදිහත් වී මෙම නායක හිමියන් නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment