මුණගමදී මෝටර් රථය උඩුකුරුව පෙරළෙද්දී මරුවා අහක බලයි

105

හොරණ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ ඉංගිරිය දෙස සිට හොරණ දෙසට පැමිණි කාර් රථයක් පෙරේදා (30 දා) සවස 6.00ට පමණ වේගය පාලනය කරගත නොහැකිව හොරණ මුණගම ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන කාණුවක ගැට්ටක ගැටී උඩුකුරු අතට පෙරළී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ වැඩිහිටියන් දෙදෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සුළු සීරීම් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත. අනතුර පිළිබඳ හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment