BOC Spirit Awards 2022 එක්ව වැඩ කරමු එක්ව ජයගමු… වාර්ෂික සම්මාන උළෙල පවත්වයි

56

ලංකා බැංකුවේ වර්ධනය වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දුන් ශාඛා සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘BOC Spirit Awards 2022‘ වාර්ෂික සම්මාන උළෙල ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹදී පැවැත්විණි.

එම උත්සවයට ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ, ශාඛා කළමනාකරුවෝ ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගි වූහ.

BOC Spirit Awards 2022 එක්ව වැඩ කරමු එක්ව ජයගමු… වාර්ෂික සම්මාන උළෙල පවත්වයි
ප්‍රියල් සිල්වා නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ලංකා බැංකුව ලංකා බැංකුව

එක්ව වැඩ කරමු, එක්ව ජය ගමු යන තේමාව යටතේ පැවැත්වුණු ‘BOC Spirit Awards 2022‘ වාර්ෂික සම්මාන උළෙලේදී ‘දිවයිනේ විශිෂ්ටතම ලංකා බැංකු ශාඛාව‘, ‘5 S‘ සංකල්පය විශිෂ්ට ලෙස ක්‍රියාත්මක කරනු ලබන ශාඛාව සහ ‘සශ්‍රීක ගෙවත්ත‘ හිමි ශාඛාව ආදී වශයෙන් සම්මාන කාණ්ඩ තුනක් යටතේ විශිෂ්ටත්ව සම්මාන පිරිනැමුණු අතර, එහි දී පිරිනැමුණු සමස්ත සම්මාන සංඛ්‍යාව 46කි.

ලංකා බැංකුවේ ශාඛා 653 අතරින් මෙවර විශිෂ්ටතම ශාඛාව ලෙස සමස්ත සම්මානය දිනා ගත්තේ ‘ මදුරන්කුලිය ‘ ශාඛාවයි. ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, ශාඛා මෙහෙයුම් අංශය විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.

“මෙම සම්මාන උළෙල පසුගිය අර්බුදකාරී අවස්ථාවල දී පවා අඛණ්ඩව පවත්වාගෙන ඒමට අපි කටයුතු කළා. මෙහි දී ශාඛා විශිෂ්ටත්වය, 5S සංකල්පය ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීම වගේ ම සශ්‍රීක ගෙවත්ත ආදී වශයෙන් ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ සම්මාන පිරි නැමීමට අපි කටයුතු කළා. ඇත්ත වශයෙන්ම මෙම සම්මාන උළෙල ලංකා බැංකුවට ඉතා වැදගත්, සුවිශේෂී සම්මාන උළෙලක් විදියට හඳුන්වා දීමට පුළුවන්.”‍ යනුවෙන් එම අවස්ථාවට සහභාගි වූ ප්‍රියල් සිල්වා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment