ශ්‍රී ලාංකික කාන්තාවකට කැනඩාවේ – නි. ඇමැති ධුරයක්

134

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකට කැනඩාවේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවී ඇත.

තුෂාරා විලියම්ස් නමැති ඇය කුඩා අවධියේදී කොළඹ ප්‍රදේශයේ ජීවත්වී ඇති අතර කොළඹ කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත.

1991 දී කැනඩාව බලා ගොස් ඇති අය එහිදී කැනඩාවේ ටොරෙන්ටෝහි විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

තුෂාරා විලියම්ස් මෙරට පදිංචිව සිටිය දී රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීමට අදාළ සමීක්‍ෂණ ආයතනයක ද සේවය කර ඇත.

ශ්‍රී ලාංකික සම්භයක් සහිත අයෙකුට කැනඩාවේ අමාත්‍ය ධුරයක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment