ගැමුණු ගිනිකසේ වළෙන් නැගිටියි

622

වෙඩි වැදී දැඩි අසාධ්‍ය තත්වයෙන් වැටී සිටි යාල වනෝද්‍යානයේ ගැමුණු ඇතා වනජීවි පශූ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රතිකාරවලින් පසු සුවය ලබා නැගිට ඊයේ (25 දින) වනයට ගිය බව යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පැවැසීය.

යල ජාතික වනෝද්‍යානයේ පළවන කොටසේ පිහිටි ගිනිකසේවල නමැති වතුරවල තුළ වැටී දැඩි අසධ්‍ය තත්වයෙන් සිටි ගැමුණු වනජීවි නිලධාරින් විසින් සොයා ගනු ලැබුවේ පසුගිය 24 වන දිනය.

එහිදී ඇතාට ප්‍රතිකාර කළ උඩවලව ජාතික වනෝද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. එම්. ඒ. ධර්මකිර්ති මහතා සඳහන් කළේ ඇතාගේ උදරයේ වම්පස ප්‍රදේශය වෙඩි වැදීමකින් තුවාල සිදුව ඇති බවය. මෙම තුවාල මීට දින කිහිපයකට පෙර සිදුව ඇති බවට නිරීක්ෂණය වන බවද පශු වෛද්‍යවරයා සඳහන් කළේය.

යාල වනෝදයානයේ විසේකාර චණ්ඩියා වූ ගැමුණු දළ ඇතකු වන අතර යාල වානෝද්‍යානයේ සිටින සැන්ඩෝ නම් ඇතා සමග දින ගණනක් ඇති වූ සටනකින් පසු ගැමුණුගේ දකුණු දළය අහිමි විය. මේ නිසා ගැමුණු ඒකදන්තයකු බවට පත්විය. නැවැතත් ගැමුණු හා සැන්ඩෝ අතර වනෝද්‍යානයේ දී ඇති වූ දරුණු සටනකින් පසු ගැමුණුගේ වම් දළයද අහිමි විය.

සැන්ඩෝට පමණක් දෙවැනි වූ, දළ අහිමි අලියකු ලෙස ජීවත් වු ගැමුණුගේ දන්ත මුලයට හානි සිදු නොවීම නිසා යළි දළ වැඩෙමින් යාල ජාතික වනොද්‍යානයේ මහත් ආඩම්භරයෙන් ජීවත් වන හස්තියකු බවට ගැමුණු පත් විය.

දඩයම් කරුවකු විසින් බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් බරපතළ තුවාල ලබා ගිනිකසේවල ළඟ ඇද වැටී සිටි ගැමුණු යළි නැගිටවීමට පශූ වෛද්‍ය ධර්මකිර්ති මහතා ප්‍රධාන වනජීවි නිලධාරින්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment