ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවට මහජන බැංකුවේ සේවා කවුළුවක්

79

සංක‍්‍රමණික ශ‍්‍රමිකයින්ට වඩා විධිමත්ව හා අපහසුතාවයකින් තොරව බැංකුකරණ පහුසකම් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා කවුළුවක් බත්තරමුල්ල, සුහුරුපාය, ආගමන හා විගමන දෙපාර්තුමේන්තු පරිශ‍්‍රයේදී ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.

මේ තුළින් සංක‍්‍රමණික ශ‍්‍රමිකයින්ට රුපියල් හා විදේශ මුදල් ගිණුම් විවෘත කිරීම, විදේශ මුදල් හුවමාරු කිරීම වැනි සේවාවන් රැසක් ලබාගත හැක.

ශ‍්‍රී ලාංකික විදේශ ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන පේ‍්‍රෂණ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමේලා අත්‍යවශ්‍ය සාධකයකි. සංක‍්‍රමණිකයින් විසින් නව විදේශ ගමන් බලපත‍්‍ර ලබාගන්නා හෝ අලූත් කරගන්නා අවස්ථාවේදීම විධිමත් හා ආරක්ෂක පේ‍්‍රෂණ මාර්ග පිළිබඳව දැනුම්වත් කිරීම සහ ඒ සඳහා යොමු කරවීමෙන් රටේ විදෙස් සංචිත ඉහළ නැංවීම සඳහා වන මහ බැංකුවේ අඛණ්ඩ උත්සාහයට සහයෝගය පිරිනැමීම මෙහි අරමුණයි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ කොළඹ පිටත ප‍්‍රාදේශීය කළමනාකාර ලාල් පීරිස්, බත්තරමුල්ල ශාඛා කළමනාකාර ලසන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment