ඩෙංගු රෝගීන් ගණන 30,000ට නැගලා – මරණ 16ක්

153

දිවයිනෙන්ම මේ දක්වා (ජනවාරි 01 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා) ඩෙංගු රෝගීන් තිස්දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එසේම මෙම කාලයේදී ඩෙංගු මරණ 16 ක් වාර්තා වන බවද එම ඒකකය කියයි.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව සියයට 50 ක් බවත් එම ඒකකය පවසයි.

පවතින වැසි තත්ත්වය හමුවේ තම නිවාස, පාසල්, ආගමික ස්ථාන, වැඩ බිම්, සුද්ද පවිත්‍ර කරන්නැයි ද එම ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment