සඳුන්පුර යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් ආධුනික සෙබළියෝ 171 ක් විසිරයති

472

දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ ආධුනික කාන්තා සෙබළියන් 171 දෙනකු විසිර යෑමේ උත්සවයක් පසුගිය සති අන්තයේදී එම යුද හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙම විසිර යෑමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මින්නේරිය ඉදිරි නඩත්තු පෙදෙසෙ (නැගෙනහිර) ආඥාපති මේජර් ජනරාල් ටී. එම්. අබේරත්න මහතා සහභාගි විය.

මෙහිදී පාඨමාලා අංක 33 යටතේ රෙජිමේන්තු 05 කට අයත් සෙබළියන් 171 දෙනකු පුහුණුව ලැබූ අතර මේ දක්වා එම පුහුණු කඳවුරෙන් කාන්තා සෙබළියන් 2538 ක් පුහුණුව ලබා විසිර ගොස් තිබේ.

මෙම විසිර යෑමේ උත්සවයේදී අතිශූර සෙබළිය ලෙස කාන්තා සෙබළ ඞී. එම්. ඞී. ඞී. දිසානායක, දක්‍ෂතම වෙඩික්කාරිය ලෙස කාන්තා සෙබළ පී. එල්. එම්. එස්. ජයසිංහ යන අය මේජර් ජනරාල්වරයා වෙතින් සම්මාන හිමිකර ගත්තේය. හමුදා පුහුණු පාසලේ වත්මන් පුහුණු උපදේශක කාන්තා මේජර් ඩබ්. ඒ. යූ. පී. වික‍්‍රමසිංහ මහත්මිය ඇතුළු හමුදා නිලධාරීන්, නිලධාරිනියන් කීප දෙනෙකුද මෙම අවස්ථාවට එක්විය.

අතුල සූරියබණ්ඩාර – හිඟුරක්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment